මේ සඳහා කරුණු කිහිපයක් බලපෑ හැක.
සිංහල යුනිකේත මෘදුකාංගයක් පරිගණකය තුල ස්ථාපනය කර නොතිබීම.
සිංහල යුනිකේත මෘදුකාංගය පරිගණකය තුල ක්‍රියාත්මක කර නොතිබීම. ( "වි" Iconය Task bar හි දර්ශනය නොවීම )
සිංහල යුනිකේත මෘදුකාංගය පරිගණකය තුල දෙවරක් ක්‍රියාත්මක වී තිබීම.
( "වි" Iconය Task bar හි දෙවරක් දර්ශනය වීම )
සිංහල යුනිකේත මෘදුකාංගය පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට හෝ සේවා ඇසුරුමට සහය නොදැක්වීම.( Task bar එකේ Language bar හි Si - Sinhala (Sri Lanka) වෙනුවට ?? - Unknown Language ලෙස දර්ශනය වීම )
සිංහල යුනිකේත මෘදුකාංගය සමග පරිගණකය තුල වෙනත් එවැනි මෘදුකාංග ක්‍රියාත්මක වී තිබීම.
To obtain the Wijesekera and other input methods in GNU/Linux, you have to install the scim-m17n package.
In GNU/Debian based systems this can be done by running the following command as root.
# apt-get install scim-m17n
Epiphany වෙබ් බ්‍රව්සරයේ සිංහල යුනිකේත හොදින්
පෙන්වීමට මෙම පියවර අනුගමනය කරන්න.
1. සියළු Epiphany
වැදසටහන් වසා
දමන්න.
2. gconfig එඩිටරය මගින් apps -> epiphany -> web යන්න.
3. එහි Enable
Pango යන්න
සක්‍රීය කරන්න.
4. gconfig එඩිටරය වසාදමන්න.
5. දැන් Epiphany
වල නිවැරදිව
සිංහල පෙන්නනු ඇත. :-)
ඔබට
gconfig එඩිටරය Applications(ජීනෝම් මෙනු) -> System Tools -> Configuration Editor මගින් පණ ගැන්වියහැක.
When you copy paste sinhala unicode text in to a wordpressing application (Ex: Copy sinhala text from an email to an OpenOffice Writer document or Microsoft Word document), you have to change the font to a standard sinhala font.To do this select the text you pasted and change the font to 'Iskoola Potha'.
අ. ඉන්ටර්නෙට් එකස්ප්ලෝර් 6 (IE6): මේ සඳහා ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් XP නම් එහි සිංහල පණගැන්වෙන මෘදුකාංගය ස්ථාපනය කොට තිබිය යුතුය. එම මෘදුකාංගය ලබා ගැනීම සඳහා මෙම සබැඳිය බලන්න. එය නිවැරදිව ස්ථාපනය වී තිබේ නම් සිංහල වෙබ් අඩවි හොඳින් දර්ශනය වේ. ඉන්පසු සිංහල එහි පෙරනිමියෙන් (default) දර්ශනය කිරීමට පහත පියවරයන් ද අනුගමනය කරන්න. එසේ නොමැති නම් IE6 සඳහාම සැකසූ විශේෂ මෘදුකාංගයක් ඇත. එය ස්ථාපනය කළ පසු ඉහත ගැටළුව නිරාකරණය වේ.
නමුත් ඇතැම් පරිගණකවල මෙම තත්වය යටතේත් නිවැරදිව සිංහල නොපෙනේ. එම ගැටළුව නිරාකරණය සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.
Internet Explorer>Tools>Internet Options>contact>Languages
ආ. ඉන්ටර්නෙට් එස්ෆලෝර් 7 (IE7): මෙය මයික්‍රොෆ්ට් විස්ටා මත IE7 යොදවා ඇත්නම් එය නිවැරදිව සිංහල දර්ශනය කළ යුතුය.
ඇ. මොසිල්ලා ෆයර් ෆොක්ස්:
මොසිල්ලා ෆයර් ෆොක්ස් හි තවමත් (2007 ජූලි) සිංහල 100% නිවැරදිව දර්ශනය නොවේ. එහි සිංහල පෙරනිමියෙන් (by default) දර්ශනය වීමට පහත පියවර අනුගමනය කරන්න.
Edit>Preference>Advanced>Languages>Choose
මෙයට හේතුව සිංහල යුනිකෝඩ් පරිගණකයේ ස්ථාපනය කොට නැතිවීම හෝ එය නිවැරදිව ස්ථාපනය කර නොතිබීම වේ. පරිගණකයේ සිංහල ස්ථාපනය වී නොමැති නම් මෙම සබැඳිය දැක්වෙන උපදෙස් ප්‍රකාර කටයුතු කරන්න.
ඇතැම් විට සිංහල යුනිකෝඩ් නිවැරදිව ස්ථාපනය කොට ඔබ භාවිතා කරන යෙදුම් මෘදුකාංගය අනුව එයට අවශ්‍ය සිංහල ෆොන්ටය තේරී නැතිනම් ද බොහෝ විට කොටු පෙනේ. උදා- ඕපන් ඔෆිස් හි writer, එවිට නිවැරදි ෆොන්ටය තෝරා ගත් විට සිංහල නිවැරදිව දර්ශනය වේ.
ඉක්ටා විසින් මයික්‍රොසොෆ්ට් XP සඳහා නිකුත් කළ සිංහල මෘදුකාංගය නොමිලේ ලබා දේ. (එය ක්‍රියාත්මක කිරීම සඳහා XP සේවා මෘදුකාංග කට්ටල 2 (Service Pack 2) පරිගණකයේ පිහිටුවා තිබීම අවශ්‍ය වේ). මෙහි සිංහල ෆොන්ට් 2ක් ද, යතුරු පුවරු ධාවකය ද, ස්ථාපනය සඳහා උපදෙස් අඩංගු වේ. මෙ මගින් ලබා දෙනුයේ සිංහල භාවිතය සඳහා තිබිය යුතු අවම පහසුකම් පමණි.
එසේ වුවද පුද්ගලික සමාගම් විසින් නිපදවන සිංහල යුනිකෝඩ් මෘදුකාංග කට්ටල ඉතා විශාල පරාසයක අමතර සේවාවන් සපයයි. උදා - සිංහල අක්ෂර වින්‍යාස පරීක්ෂාව, සිංහල යතුරුලියන පුහුණුව, සිංහල/ඉංග්‍රීසි/දෙමළ පරිවර්ථන. ඔබගේ අවශ්‍යතාවය සහ ඔබට මේ සඳහා වියදම් කල හැකි මුදල අනුව අවශ්‍ය සිංහල මෘදුකාංග කට්ටලය තෝරා ගත හැක. මේ සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න.
ඔබේ පරිගණකයේ (එය වින්ඩෝස් XP භාවිතා කරන්නේ නම්) Control Panel වෙත ගොස් font ට ෆොල්ඩරය විවෘත කරන්න. එහි ඇති ඉස්කෝල පොත, මලිති වෙබ් ආදී සිංහල යුනිකෝඩ් ෆොන්ට් විවෘත කර වසන්න. ඉන්පසු පරිගණකයේ සිංහල හොදින් දර්ශනය වනු ඇත.
මේ සඳහා ඔබට ෆොන්ට් පරිවර්තකයක් (font converter) අවශ්‍ය වේ. දැනට මේ සඳහා කොළඹ ව්ශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනය නිපදවා ඇති ෆොන්ට් පරිවර්තකය පහත දැක්වෙන සැබැදියෙන් ලබා ගන්න. එය භාවිතා කිරීමේ උපදෙස් ඒ සමගම ඇත.
www.siyabas.lk/files/Fonts_Converter.zip